Wednesday, November 3, 2010

සැඟවෙන්න.....

සුදෝ සුදු කිරි විසුල
වලාවක සැතපිලා

සුසුදුවන් සඳ මුහුණ
සිපගන්න ඉඩ දෙන්න...

කුරුළු තුඩඟින් නැගෙන
මියුරු සර පරදවන
එකම එක වදනකින්
සැනසෙන්න ඉඩ දෙන්න...

වැව් දියට පෙම් බඳින
කුමුදු මල් පියල්ලෙක
මුතු රේණු පොඩ් අතර
සැඟවෙන්න ඉඩ දෙන්න...

ජේ.එම්.පී.ඩී. කුමාර,
කතරගම ප්‍රාදේශිය ලේකම් කාර්යාලය.

1 comment:

  1. ලස්සන අදහසක් !!!!! නියමෙට පද ගලපලා ලියලා තියෙනවා !!!!දිගටම ලියන්න සහෝදරයා !!! අපි රසවිඳිනවා !!!!

    ReplyDelete